පාසල පිළිබඳ හැඳින්වීම මධ්‍යම පලතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත අධ්‍යාපන කලාපයේ නුවර-බදුල්ල රජමාවතේ වික්ටෝරියා වේල්ල අභියස කිලෝමීටරයකට නුදුරින් අභිමානනීය පරිසරයක පිහිටා ඇත. වර්තමානයේ මෙම පාසල හැඳින්වෙන්නේ වික්ටෝරියා ජාතික පාසල නමින්ය. හගුරන්කෙත අධ්‍යාපන කලාපය තුළ ජාතික පාසල් දෙකකට හිමිකම් කියන අතර ඉන් එක් පාසලක් ලෙස මෙම පාසල නම් කළ හැක.වර්තමානයේ මෙම පාසලේ නියමුවාණන් ලෙස කටයුතු කරන්නේ ආර්.එච්.එම්.ඒ.බී හේරත් විදුහල්පති තුමන්ය. පාසල සතුව අක්කර 13 ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියන අතර ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස පොල් වගාවන් පාසලේ දක්නට ලැබේ. මෑතක්වන තුරු නිරවුල් තත්වයේ නොතිබුණ ප්‍රදේශයට පමණක් නොව කිසියම් නුදුරු දිනයකදි රටටම ඵලදායි වන ක්‍රීඩා පිටිය මැදින් වැටී තිබුණ පාර ක්‍රීඩා පිටියෙන් ඉවත් කර යාබද පාරක් හා සම්බන්ධ කරමින් නිරවුල් ලෙස පාසලට ලබා දීමට කටයුතු කළ වත්මන් විදුහල්පති තුමන්ට සහ මින් පෙර මෙහි සේවය කළ විදුහල්පති තුමන්ලාට හා ඊට කැප වූ සියලු දෙනාට කෘතඥ වෙමි. පළාත් 4ක සිට පැය 2ක් ඇතුළත ලඟාවීමට හැකි වීම පළාත් ක්‍රීඩා උළෙලක් නොව සමස්ත ලංකා තරගාවලියක් පැවැත්වීමට අංග සම්පූ...
Comments
Post a Comment