පාසල පිළිබඳ හැඳින්වීම


මධ්‍යම පලතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත අධ්‍යාපන කලාපයේ නුවර-බදුල්ල රජමාවතේ වික්ටෝරියා වේල්ල අභියස කිලෝමීටරයකට නුදුරින් අභිමානනීය  පරිසරයක පිහිටා ඇත. වර්තමානයේ මෙම පාසල හැඳින්වෙන්නේ වික්ටෝරියා ජාතික පාසල නමින්ය. හගුරන්කෙත අධ්‍යාපන කලාපය තුළ ජාතික පාසල් දෙකකට හිමිකම්
කියන අතර ඉන් එක් පාසලක් ලෙස මෙම පාසල නම් කළ හැක.වර්තමානයේ මෙම පාසලේ නියමුවාණන් ලෙස කටයුතු කරන්නේ ආර්.එච්.එම්.ඒ.බී හේරත් විදුහල්පති තුමන්ය. පාසල සතුව අක්කර 13 ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියන අතර ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස පොල් වගාවන් පාසලේ දක්නට ලැබේ. මෑතක්වන තුරු නිරවුල් තත්වයේ නොතිබුණ ප්‍රදේශයට පමණක් නොව කිසියම් නුදුරු දිනයකදි රටටම ඵලදායි වන  ක්‍රීඩා පිටිය මැදින් වැටී තිබුණ පාර ක්‍රීඩා පිටියෙන් ඉවත් කර යාබද පාරක් හා  සම්බන්ධ කරමින් නිරවුල් ලෙස පාසලට ලබා දීමට කටයුතු කළ වත්මන් විදුහල්පති තුමන්ට සහ මින් පෙර මෙහි සේවය කළ විදුහල්පති තුමන්ලාට හා ඊට කැප වූ සියලු දෙනාට කෘතඥ වෙමි. පළාත් 4ක සිට පැය 2ක් ඇතුළත ලඟාවීමට හැකි වීම පළාත් ක්‍රීඩා උළෙලක් නොව සමස්ත ලංකා තරගාවලියක් පැවැත්වීමට අංග සම්පූර්ණ සම්මත ධාවන පථයක් සකස් කළ හැක. පාසලේ ප්‍රධාන ශාලාවක් මෙන්ම විදුහල්පති නිල නිවසක් ද  සමග ගොඩනැගිලි නවයකට හිමිකම් කියන අතර 6 ශේණියේ සිට 13 ශේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර මේ වන විට පන්ති නොපැවැත්වෙන්නේ  උසස් පෙල ටෙක් අංශය සඳහා පමණි. පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 678 කි. මෙහි සේවය කරන ගුරුවරුන්  සංඛ්‍යාව 61 කි. අනධ්‍යන කාර්යමණ්ඩලයේ සේවක ගණන 07කි. මෙහි අධ්‍යාපන කටයුතු සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු කරයි.

ඉහල සිට පහලට විහිදෙන බලතල ධූරාවලියක් සහිත සංවිධාන ව්‍යුහයක් පාසල තුළ ක්‍රියාත්මක වන අතර පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව තහවුරු සඳහා වූ ඇගයිම් ක්‍රියාවලියක් ( ප්‍රමති) අඛණ්ඩව පාසල තුල ක්‍රියාත්මක වේ.අධ්‍යාපනය, ක්‍රීඩාව මෙන්ම සෞන්දර්ය අංශයන් මඟින් තුලනය  වූ ගමන් මඟක ජයග්‍රහණ රාශියකට මේ වන විට හිමිකම් කියමින් පවතී. එමෙන්ම  හැඟීම් දනවන පාසල් ගීතයකට,නිල් දියවර මැද ශ්වේත වර්ණයෙන් වැජඹෙන පාසල් දජයකට වික්ටෝරියා  පාසල් මෑණියෝ හිමිකම් කියති.


Comments