පාසලේ ඉතිහාසය


මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කය හඟුරන්කෙත අධ්‍යාපන ක

ලාපයේ අධිකාරිගම වැලිකඩ ප්‍රදේශයේ නු/ ඉඩම ලන්ද  විද්‍යාලය නමින් මෙම පාසල ආරම්භ වී ඇත. ඒ සදහා මෙම භූමිභාගය පරිත්‍යාග කර ඇත්තේ එවකට ගඟ පළාත කෝරළේ, කෝරළේ මහතා ය යන්න ප්‍රදේශවාසීන්ගේ මතයයි. 1938 සැප්තැම්බර් මස 1 දින සිය සමාරම්භය සටහන් කළ මෙම විදුහල අද හඳුන්වන්නේ නු / ස්වර්ණදීප ප්‍රාථමික විද්‍යාලය ලෙසය. අද එහි ප්‍රධාන ශාලාව ලෙස දක්නට ඇත්තේ එවකට තිබූ එකම ගොඩනැඟිල්ල ය. ඇතුලත් වූ පළමු ශිෂ්‍යාව ලෙස වාර්තා වන්නේ එක්.ඒ. පුංචි නෝනා නැමැති ශිෂ්‍යාවකි. සිසුවියන් පනස් එක් දෙනෙකු එහි අධ්‍යාපනය ලබා ඇත. පී.බී. රත්නායක මහතා පලමු විදුහල්පතිතුමා වශයෙන් සඳහන්ය.

1950න් පසු ගුරු දෙගුරු ආදි සිසු යනාදී පාසලට සම්බන්ධ පාර්ශව ඇපකැප වී ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පාසල සාපේක්ෂ වශයෙන් දියුණුවක් අත්කර ගත් බව බොහෝ දෙනාගේ අදහසයි සිසුන් විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීම පිළිගත් රැකියා සඳහා අවතීර්ණ වීම යනාදී ප්‍රතිඵල තුළින් එකල ඇති වූ ගුණාත්මක සංවර්ධනය වටහාගත හැකි වනු ඇත.

වර්තමානයේ නූ/ වික්ටෝරියා ජාතික පාසල නමින් හඳුන්වන මෙම අප විද්‍යාලය පසුකලෙකදී වූවක් වන අතර එය මහනුවර බදුල්ල රජමාවතේ පෙර කී විදුහලට සැතපුම් කාලක පමණ දුරින් බදුල්ල දෙසට වන්නට පිහිටා ඇත. බදුල්ල මහනුවර රජමාවත මයිලපිටිය සිට කීර්තිබණ්ඩාරපුර දක්වාත් ඟුරන්කෙත මාර්ගයේ ගඟ පළාතේ සිට ප්‍රතිවිරුද්ධ අන්තයෙන් මේරිමවුන්ට් දක්වාද  වපසරියක දරු දැරියන්ට පහසුවෙන් පැමිණිය හැකි ආසන්නතම ජාතික පාසල වන්නේ මෙම මෙම පාසලෙහි මේ වන විට හයසීයකට ආසන්න සිසුන් පිරිසක් ඉගෙනීම ලබන අතර 50ක ගුරු පිරිසක් ඉගැන්වීමෙහි නියැලී සිටී.

2018 වර්ෂය වන විට සිය අසූ වැනි උපන් දිනය සැමරූ පාසලක් වුව ද සමස්තයක් ලෙස සැලකූ විට ඉතිහාසය පුරා සෙමෙන් දියුණු වෙමින් පැවතුණු විද්‍යාස්ථානයක් බව දැකිය හැකිය. පාසලට නුදුරින් පිහිටි සුප්‍රකට ජලාශයේ නාමය විදුහල් නාමයට එක්කර ගැනීමත් සමඟ පාසලේ ප්‍රතිරූපය සාධනීය පරිවර්තනයකට බඳුන් වීම නිසාම ගුරු සිසු දෙමව්පිය ආදි සිසු බල දරු නිල දරු සැමගේ අවධානයටත් ගෞරවයටත් පාත්‍ර වූ බිමක් බවට පත් වූ මෙම පාසල ක්‍රමයෙන් අද පවතින ජාතික පාසල බවට පත් වූ බව තතු දත් අය අනාවරණය කර සිටියි.

අද වන විට බදුල්ල මහනුවර රජමාවත ට වික්ටෝරියා වේල්ල නැරඹුම් මැදිරියට දිවෙන මාර්ගයටත් යාබදව අක්කර දාහතරක පමණ භූමියක් වූ මෙහි තෙමහල් ගොඩනැගිලි තුනක් ඇතුළු ව ගොඩනැගිලි හයක් සහ ක්‍රීඩාංගණයක් ද දක්නට හැකිය. මහින්දෝදය විද්‍යාගාරයක් ඉදිවෙමින් පවතින රැස්වීම් ශාලාව සහිත ගොඩනැගිල්ලක් ලැබෙන තුරු විදුහලේ ගුණාත්මක සංවර්ධනය බෙහෙවින් බාධාකාරී ගමනක යෙදුනු බව නොරහසකි. එහෙත් කවර තත්ත්වයක් මධ්‍යයේ වුවද පෙරසේම ඉදිරියටත් ඇති සම්පත් උපරිම උපයෝජනය කර ගනිමින් විධිමත් අධ්‍යාපනය තුළ සෑම අංශයක් තුළින් ම සෙසු පාසල් වලට නොදෙවෙනි දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටින විභව්‍යතා පිරිපුන් දරු පිරිසක් අනලස්ව නිර්මාණශීලීව ඇප කැප වන ගුරු පිරිසත් අතර ගොඩනැගෙමින් පවතින සුබවාදී අන්නෝන්‍ය අවබෝධය වික්ටෝරියා බිමෙහි ඉතිහාසයට යහපත් මතක එක් කරනු ඇත.

මේ වන විට 678 ක් පමණ ඉගෙනුම ලබන අතර 61 ක ගුරු පිරිසක් ඉගැන්වීමේ නියැලී සිටිති. 2018 වර්ෂය වන විට සිය 80 වැනි උපන් දිනය සැමරූ පාසලක් වුව ද 2023 වන විට 85 වැනි  උපන් දිනය සැමරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ද මතක් කළ යුතුය.


Comments