පාසලේ ඉතිහාසය මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කය හඟුරන්කෙත අධ්‍යාපන ක ලාපයේ අධිකාරිගම වැලිකඩ ප්‍රදේශයේ නු/ ඉඩම ලන්ද විද්‍යාලය නමින් මෙම පාසල ආරම්භ වී ඇත. ඒ සදහා මෙම භූමිභාගය පරිත්‍යාග කර ඇත්තේ එවකට ගඟ පළාත කෝරළේ, කෝරළේ මහතා ය යන්න ප්‍රදේශවාසීන්ගේ මතයයි. 1938 සැප්තැම්බර් මස 1 දින සිය සමාරම්භය සටහන් කළ මෙම විදුහල අද හඳුන්වන්නේ නු / ස්වර්ණදීප ප්‍රාථමික විද්‍යාලය ලෙසය. අද එහි ප්‍රධාන ශාලාව ලෙස දක්නට ඇත්තේ එවකට තිබූ එකම ගොඩනැඟිල්ල ය. ඇතුලත් වූ පළමු ශිෂ්‍යාව ලෙස වාර්තා වන්නේ එක්.ඒ. පුංචි නෝනා නැමැති ශිෂ්‍යාවකි. සිසුවියන් පනස් එක් දෙනෙකු එහි අධ්‍යාපනය ලබා ඇත. පී.බී. රත්නායක මහතා පලමු විදුහල්පතිතුමා වශයෙන් සඳහන්ය. 1950න් පසු ගුරු දෙගුරු ආදි සිසු යනාදී පාසලට සම්බන්ධ පාර්ශව ඇපකැප වී ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පාසල සාපේක්ෂ වශයෙන් දියුණුවක් අත්කර ගත් බව බොහෝ දෙනාගේ අදහසයි සිසුන් විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීම පිළිගත් රැකියා සඳහා අවතීර්ණ වීම යනාදී ප්‍රතිඵල තුළින් එකල ඇති වූ ගුණාත්මක සංවර්ධනය වටහාගත හැකි වනු ඇත. වර්තමානයේ නූ/ වික්ටෝරියා ජාතික පාසල නමින් හඳුන්වන මෙම අප විද්‍යාලය ...